නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පොල්වත්ත ජාතික පාසල
ක්‍රි.ව: 1966.02.21දින ගැමි පරිසරයක ආරම්භ වී පියවරෙන් පියවරට ඉදිරියට පැමිණි අම්පාර පොල්වත්ත මහා විද්‍යාලය අද විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම හැකියාවන් පෙන්වා ලොව වටිනා අමිල දූපුතුන් රැසක් සමාජය වෙත දායාද කොට ඇත. එසේ පැමිණි ගමන් මගේ හමුවූ විවිධ බාදා ජයගෙන නව අරමුණු කරා යාමට වෙර දැරූ පාසල් භූමියේ එදා මෙදා තුර රැදි සියලු චරිත සිය දහස් ගනණක් උවද ඒ සියල්ලන් සිහිපත් කිරීම අපේ යුතුකමකි. සදතරු පමණක් නොව හිරු ද සොයා බැලීමට වෙර දරණ වර්තමානය ලෝකය හමුවේ විසි එක්වන සියවසේ හමුවන තාක්ෂණික මෙවලම් යොදා ගෙන පාසල තුල සම්පත් මෙහේවමින් අනාගත ලොකය ජය ගැනීමේ මහගු කාර්යයට උරදෙන සියලු දෙනා ඇගයීමට ලක්කළ යුතුය. ඒ අනුව නමින් අම්පාර පොල්වත්ත මහා විද්‍යාලය ස්වාදීන වූ අනන්‍යතාවය ලොව පුරා තාක්ෂණික වශයෙන් පැතිරී යද්දී එහි කොටස් කරුවන් වන අපට එහි උරුම කරුවන් ලෙසද සතුටුවිය හැකිය. හෙට දින ලොව බාර ගැනීමට සිටින අහිංසක දරු දැරියන් හට නිවැරදි මග පෙන්වා දෙන ගුරු භවතුන් ලෙස අප ගන්නා මෙම උත්සහය අනාගතය වෙනුවෙන් කෙරෙන අගනා අයෝජනයක් යැයී සිතමි. විදුහලේ වර්තමාන නියෝජ්‍ය විදුහල්පති වරයා වශයෙන් මීට සුභාසිංශන පිරිනැමීමට මාහට අවස්තාවක් උදාවීමට මාගේ ජීවිතයේ භාග්‍යක් කොට සළකමි. හෙට දිනට සරලන පරිදි සියලු අංගයන්ගෙන් තාක්ෂණික ලොව ජය ගැනීමට විවිධ මං පෙත් ඔස්සේ මෙම වෑයමෙහි නිරත වන අම්පාර පොල්වත්ත මහා විද්‍යාලයේ සමස්ත මානව සම්පතට ශක්තිය,ධෛර්‍යය වාසනාව ලැබේවායී. ප්‍රාර්තනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
පොල්වත්ත ජාතික පාසල .