බැතියෙන් ජයගොස පතුරවමින්
පුදදෙමු අප විදුහල් මාතා
පොල්වත්තේ මහ විදුහල් මාතා
දිගාමඩුලු පෙළ හෙළ විරුවන්ගේ
රුධිරය දහඩිය කදුළින් පෝෂිත
පොල්වත්තේ නිජ පහන් කණුව ඔබ
අප විදුහල් මාතා
බැතියෙන් ජයගොස පතුරවමින්...
දෙසබස රැස සුරකින මහ ජයටැඹ
අකිල අමිල තක්ෂිලාව සිලුමිණ
සිප්සත දේ පෙර මග සරසාලයි
අප විදුහල් මාතා
බැතියෙන් ජයගොස පතුරවමින්...
ඔබ කිතු රැස දස දෙස පතුරන්නට
ඔබ ගරු නම සැම දින සුරකින්නට
ඇපකැපවෙමු ගුරු සිසු සැම එකතුව
අප විදුහල් මාතා